Saturday, November 12, 2011

පොතක් ගැන



මගේ බ්ලොග් ය තුල දිගින් දිගට ම දේශපාලන විවේචන වල නිරත වීමට අදහස් නොකරන බව පළමුව සටහන් කල යුතු වේ..

Untitled-1

වර්තමාන දේශපාලනය තුල පවත්නා අනුකම්පා විරහිත ක්‍රියාකාරකම් ගැන මෙන් ම දේශපාලුවකු සතු බලය අනිසි ලෙස යෙදවීම් ගැන ද ලංකාවේ ඉතා ම හොඳ පොලිසියේ සම්මාන දිය යුතු ක්‍රියාකාරකම් ගැන ද මේ පොත තුලින් අවබෝධයක් ලැබිය හැක.

එහි පටුන නම් මෙසේ යි….

01) මිනිසුන් අත්අඩංගුවට ගෙන රඳවා කප්පම් ගෙන නිදහස් කළ හැටි.

02)රනිල් වික්‍රමසිංහ ට එරෙහි සී.අයි.ඩී.සැලසුම.

03)කෙහෙළිය රඹුක්වැල්ල ඝාතන ප්‍රයත්න ක්ලේමෝ බෝම්බයේ හෙළි  නොවූ රහස්

04)හිටපු පොලිස්පති පුතා ඇසක් ගලවා ලක්ෂ 25ක් දෙන්න හදලා

05)චන්ද්‍රිකා ට අභියෝග කළ රජයේ මුද්‍රණාල ගින්න

06)ලංකාවේ ලොකු ම හොර වාහන තිප්පොළ

07)රෝහණ විජේවීර මැරුවා ට අමරසේකර, රංජන් ට සුභ පතයි.

08)තරුණයන් 25ක් මරා වළ දැමූ අභිරහස් මිනී වළක්.

මෙය ඒක පාක්ෂික පොතක් නොවන බව මා අවධාරණය කළ යුතුය.

බහුතරයක් අඳ බාල මෝඩයන් සිටිනා වර්තමාන සමාජය මෙවන් පොතක් කියවා වත් දේශපාලුවන් ගැන අවබෝධයක් ලබා ගන්නේ නම් මැනවි.

 

වර්තමාන සමාජය ගැන දැන දැන ම වර්තමාන රාජ්‍ය ප්‍රධානියා ගේ  රහස් පවා එළි කිරීමට කතුවරයා සිය කෘතිය තුල පසුබට නොවේ.

වර්තමාන සමාජය ඡන්ද කාලෙට යන දැන්වීම් නරඹා , වැඩි ම දැන්වීම් ගනනක උරුම කරුට ඡන්දය දෙනවා වෙනුව ට වඩා යමක් කිරීමට සිතීමටවත් කාලය එළඹ තිබේ.

ඡන්දයේ මූලික සුදුසුකම ප්‍රසිද්ධිය නොවන බව මහජනයා අවබෝධ කර ගත යුතු ය. උපන් ගෙයි මෝඩයන් හා බොරු කාරයන් වන නළු නිළියන් හා මැරයන් දේශපාලනයෙන් තෝරා බේරා පත් කරනවා වෙනුවට වඩා යමක් අප ලක් මාතාව වර්තමාන පිබිදෙන තරුණ පරපුරෙන්  හඬා වැටී අයදිමින් සිටිනවා විය හැක.

 

මා කුඩා කල කියවූ විද්‍යා ප්‍රබන්ධයක මෙවන් සටහනක් විය.( අවාසනාව ට අද මට එහි නම අමතකය.)

ප්‍රබන්ධයට අනුව එදින ඡන්ද දිනය යි.උදෑසන අවදි වන මොහු ට ඔහු ගේ ස්වයං බුද්ධියක් ඇති පරිගණක ය විසින් දිනයේ ඔහු ට කිරීමට ඇති කාර්්‍යය න් එකිනෙක පවසයි. එහි දී එදින ඡන්ද දිනය බව ද පරිගණකය මතක් කර සිටී.උදෑසන කෑම මේසයේ දී අන්තර්ජාලයෙ න් ඡන්දය දීම ට තීරණය කරන මොහු කෑම කාමරයේ පරිගණක තිරයට අපේක්ෂකයන් ගේ මුහුනු වල රූප ලබා ගනී.අනතුරුව එක් එක් අපේක්ෂකයන් ගේ විස්තර කියවයි.

එම විස්තර වල අඩංගු වන්නේ අපේක්ෂකයාගේ ජාතිය ,ආගම ,පරම්පරාවේ ඉතිහාසය ,තමා සතු වත්කම් ප්‍රමානය .තමාගේ තම පියා ගේ  පියා ගේත් පියා ගේ දේශපාලන තනතුර , දේශපාලන උරුමය හෝ තම පවුලේ වග තුග හෝ නොවේ.

එහි අඩංගු වනුයේ ඔහු හෝ ඇය ගේ අධ්‍යාපන සුදුසුකම් වන අතර ලබා ඇති උපාධි ප්‍රමාණය ආදිය ගැන සටහනකි.

ඉහල ම සුදුසුකම් ඇති තැනැත්තා ට ඡන්දය පිරිනමා අනතුරුව ඔහු ගේ අනෙක් වැඩ කෙරෙහි අවධානය යොමු කරයි…………………….

 

මෙවන් දිනයක් උදා වන තෙක් මම ඇඟිලි ගනිමින් ප්‍රාර්ථනා කරමින් සිටිමි.ඔබ ත් එසේම ද ?

 

නමුත් මෙය හුදු සිහිනයක් පමනක් යැයි සිතෙන්නේ සම වයස් හී සිටින මිතුරු මිතුරිය න් සත්‍ය දැන හෝ නොදැන , දන්නා සත්‍ය ත් සාධරණී කරනය කිරීම ට උත්සහ කරමින් දක්වන අන්ධ භූත ලොල් බව දුටු විට ය.කණගාටුවෙන් නමුත් ප්‍රකාෂ කිරීමට ඇත්තේ පිබිදෙන තරුණ පරපුරේ හැසිරීම මෙලෙස නම් එයින් කියැවනුයේ මා කියවු ප්‍රබනධය තවත් පරම්පරා ගණනාවක් පසු වන තෙක් ම ප්‍රබන්ධයක් ම වන බව නොවේ ද ?

4 comments:

  1. මම මගේ මේ පිලිබදව ඇති අදහස් දැක්වීමෙන් වැලකෙමි. හික්ස් ඒක තමා හොදම වැඩේ. මට දැන් දේශපාලනයි හා මතවාද ගැන වාද විවාද කරලා ඇති වෙලා තියෙන්නේ

    ReplyDelete
  2. මේ පොත කොහේදි හරි උඩින් පල්ලෙන් කියෙව්වා මතකයි... කියවන්න උනේ නෑ හරියකට

    ReplyDelete
  3. දේදුනු - තැන්ක් යූ . .තැන්ක් යූ.. හැබැයි මේක දැම්මෙ උඹව ඉලක්ක කරලම කිව්වොත් තමා හරි

    @ පිස්සා පලාමල්ල - මගෙ තාත්තගෙ පොත් අස්සෙ තිබිල තමා මටත් ලැබුනෙ.. මොනව වුනත් කියවන්න වටින පොතක්..බය නැතුව ඡායාරූප නම් ගම් එක්කම විස්තර තියෙනව... (බොහොම ස්තූතියි කමෙන්ට් එකට.. මම තාම බ්ලොග් පටන් ගත්ත විතරයි)

    ReplyDelete