මිනිසෙකුට තම ජීවිතය තුල විදිය හැකි උසස් ම රසය ලෙස නිහඬ රසය දිනෙක අභිසෙස් ලබනු ඇත.
හුදෙක් ම මෙම ලිපිය ලිවීමට මා පොළඹවන ලද්දේ අද දින මා නරඹන ලද God Father චිත්‍රපටිය බව මාගේ හැඟීමයි.එය නැරඹීම තුලින් මා ලද වින්දනය මෑත කාලීනව මා නැරඹූ කිසිදු චිත්‍රපටියකින් මා නොලැඹූ බව මට ඉඳුරා ම පැවසිය හැක. හුදෙක් ම බලය නැමැති ආත්මාර්ථකාමී චින්තනය වටා ගෙතුනු මැර චිත්‍රපටය ක් වන නමුත් මෙතෙක් දුටු decent ම මැර චිත්‍රපටය ක් ලෙස මට එය හැදින්විය හැක. පැරණි හෙළ සිනමාවේ අනර්ඝ ලක්ෂණයක් වූ පසුබිමි සංගීතය නිහඬ බව සුරැකීම මෙම චිත්‍රපටය පුරා දක්නට තිබුණි.මැරයන්ට උරුම ගොරෝසු ඝෝෂාකාරී නොව නිහඬතාවට ආසන්නයෙන් කෙරෙන කතා බහෙන් මතු කරන තර්ජනය තුල ඇති භයංකාර බව මනාව අවබෝධයට මේ චිත්‍රපටය රුකුලකි. ප්‍රේක්ෂකයා තුල මතු කරන තුෂ්නිම්භූත හැඟීම චිත්‍රපටයේ ප්‍රතිභාව මොනවට පෙන්වයි.
මනුෂ්‍ය සන්තානය තුල අධ්‍යාත්මක සුවය මෙන් ම ලොමු ඩැහැ ගන්වන භයංකරත්වය ද ක්ෂණයෙන් ඇතුළු වීමට මුල් බීජය නිහඬතාවය බව මගේ හැඟීමයි.
ඈත පිටිසර ඝණ කැලෑවක පිහිටි අරමක මෙන් ම පාළු අමු සොහොනක ද පොදු ලක්ෂණය නිහඬතාවය ම බව මඳක් කල්පනා කළහොත් ඔබට වැටහී යනු ඇත. නමුත් ඒ ස්ථාන දෙක අතර පවත්නා වෙනස කොතරම් ද………………………….